උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසයි.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.
මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කරන බව පසුගියදා සදහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.
කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසය.
එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට