අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බවයි.
සාකච්ඡාවෙන් පසුව සෙලෙන්ස්කිට ට්‍රම්ප් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය.
එම සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.
අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ වෙළඳ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත කිරිල් ඩිමිත්‍රීව් පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවති රැස්වීම් ‘රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අතිශය වැදගත් දිනයක්’ ලෙසයි.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට