දුම්රිය ස්ථානාධිපතිවරුන් තොරා ගැනිමේ විභාගය සැප්තැම්බර් මස 28 වනදා දිවයින පුරා පැවැත්විමට කටයුතු සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
එමෙන්ම දුම්රිය නියාමක තනතුර සඳහා මේ වන විට තෝරා ගැනිමේ විභාග අවසන්වි ඇති බැවින් ප්‍රතිපල නිකුත් කර සැප්තැම්බර් 15වන විට අවශ්‍ය පත්විම් ලබා දිමට කටයුතු සැලසුම් කර තිබෙන බව අමත්‍යවරයා පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
”දුම්රිය නියාමක තනතුර කමිටු අනු අනුමැතිය අනුව විභාගය පවත්වා අවසන් තනතුරු සංඛ්‍යාව 136ක් බවත්, දුම්රිය එන්ජින් රියදුරු 192යි. අධීක්ෂණ කළමනාකරු 169යි. දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික සහ විදුලි 310යි. මූලික තාක්ෂණ ශිල්පී 384යි. එකතුව 1191යි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුවේ අනුමැතිය අනුව, අයදුම්පත් කැඳවා විභාගය පැවැත්වීමට නියමිත සංඛ්‍යාව දෙසිය හයයි. ඒ යටතේ, තනතුර, දුම්රිය ස්ථානාධිපති, කමිටු අනුමැතිය ලැබිලා තියෙනවා 106කට. එන්ජින් රියදුරු සහයක අනුමැතිය ලැබිලා තියෙනවා 100කට.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුවේ අනුමැතියට යොමුකර ඇති සංඛ්‍යාව 2150යි. ඒ තනතුරු තියෙන්නේ මේ විදියට. කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇති සංඛ් යාව, දුම්රිය නියාමක 59යි. දුම්රිය එන්ජින් රියදුරු 06යි. අධීක්ෂණ කළමනාකරු 71යි. දුම්රිය ස්ථානාධිපති 102යි. දුම්රිය තාක්ෂණික, කළමනාකරණ සහකාර යාන්ත්‍රික විදුලි 756යි. මූලික තාක්ෂණ ශිල්පීන් 952යි, එන්ජින් රියදුරු 124යි, එන්ජින් රියදුරු සහායකය 80යි, එකතුව 2150යි. මීට අමතරව දෙපාර්තමේන්තු ගත්ත තාක්ෂණික තනතුරු වල විශේෂ පන්තිය පුරා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.”
දුම්රිය ස්ථානාධිපති 2026 කමිටුවෙන් 106ක් අනුමත කර තිබෙනවා.විභාගය සදහා දොලොස් දහසකට ආසන්න ඉල්ලුම් සංඛ්‍යාවක් ලැබිලා තියනවා. විභාගය 2025 සැප්තැම්බර් 28 දිවයින පුරා පැවැත් විමට කටයුතු සැලසුම් කරලා තියනවා.දුම්රිය නියාමක 2024 පෙර 63ක් අනුමත කරලා තියනවා.2025 මාර්තු කමිටුවෙන් 73ක් අනුමත කරලා තියනවා.ඔක්කොම 136යි.ඒ සඳහා 2025 ජුනි 15 විභාගය පවත්වා අවසන්ව ඇත.අගෝස්තු 22 විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රථිපල ලබා දිමට නියමිත බැවින් 2025 සැප්තැම්බර් 02-03-04 සම්මුක පරීක්ෂණ පැවැත්විමට සැලසුම් කර ඇත.2025 සැප්තැම්බර් 15 වන විට පත්විම් ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.
එන්ජින් රියදුරුවරුන් 2024 වසරට පෙර අනුමත කළ ගණන 100යි.2025 මාර්තු මස අනුමත කළ ගණන 92යි.විවෘත විභාගය 2025 ජූලි 15 පවත්වා ඇත පිලිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකෙරෙමින් පවත්නා අතර සැප්තැම්බර් මුල් සතියවන විට ප්‍රතිපල ලබාදිමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.මේ ආදි විදියට තාක්ෂණ කළමණාකරු ,අධික්ෂණ කළමණාකරු කර්මාන්ත ශාලා,ධාවනාගාර ,ගොඩනැගිලි ,පාලම්,ස්ථිර මාර්ග සියලු දෙනාට අදාලව 2025 ජුනි 21 විභාගය පවත්වා අවසන්ව ඇත.2015 අගෝස්තු 22 ශ්‍රී ලංකා විභාග දෙපාර්ත මේන්තුව විසින් ප්‍රතිපල ලබා දිමට නියමිත බැවින් සැප්තැම්බර් මස 02-03-04 සම්මුක පරික්ෂණ පැවැත්විමට සැලසුම් කර ඇත.සැප්තැම්බර් 15 වන විට පත්විම් ලබා දිමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවති.
දුම්රිය තාක්ෂණික කළමණාකරන සහකාර 244 සඳහා ජූලි 12 විභාගය පවත්වා තිබෙනවා.සමත් අයදුම් කරුවන් අගොස්තු 30-31 සැප්තැම්බර් 01-02-03 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්ඉර් 10 ලබාදිමට බලාපොරොත්තු වෙනවා.දුම්රිය තාක්ෂණික කළමණාකාර සහකාර NT2 66 බදවා ගන්නවා.ජූලි 12 විභාගය පවත්වා තිබෙනවා.අද ප්‍රතිපල නිකුත් කරනවා.අගොස්තු 30-31 සැප්තැම්බර් 01-02-03 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්බර් 10 දෙනවා.මුලික තාක්ෂණික ශිල්පි NT1 384 බදවා ගන්න.අගෝස්තු 03 විභාගය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඇත.සමත් අයදුම්කරුවන් 116ක්.අගෝස්තු 26-27-28 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්බර් 10 දෙන්න බලාපොරොත්තු වෙනවා.උපදේශක NM3 – 08 දෙනයි.අගෝස්තු 02 විභාගය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඇත.සමත් 16යි.අගෝස්තු 29 සම්මුක පරික්ෂන පවත්වලා සැප්තැම්බර් 10 ලිපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.රියදුරු සහයක100 ක් බදාව ගන්නවා.අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය ජූලි 25.විභාගය ඔක්තෝම්බර් මස පැවැත්විමට නියමිතයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා විසින් ඊයේ (21) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මේ අතර කැබිනට් මණ්ඩලය හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාව ඉවත් කිරීමට මීට සති කිහිපයකට පෙර තීරණය කළේය. ඒ පරිපාලන හා මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව අකාර්යක්ෂම වන බවට චෝදනා නගමින්.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්