වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසය.
වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්දයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා සිටියේ, වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,
“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා.
ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” යනුවෙන් පැවසීය.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!