Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවට නව නිළධාරී මණ්ඩලයක් පත් කරයි

9 months ago

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊ. ඒ. ජී. ආර්. අමරසේකර පත් කර තිබෙනවා.

කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු එම්. ආර්. සී.ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ පී. අයි. එස්. දේමුණි ද සිල්වා, ජනාධිපති නීතීඥ එෆ්. ජමීල්, ජනාධිපති නීතීඥනිල් ඩී. බී. උනම්බුවේ, ජනාධිපති නීතිඥ ජී. එස්. ඒ. ශාන්ත ද සිල්වා, ආචාර්ය සුනිල් ඩී. බී. අබේරත්න, ජනාධිපති නීතීඥ එච්. යූ. ප්‍රනාන්දු, පී. අයි. එස්. සමරසිංහ සහ ජනාධිපති නීතීඥ විරාන් කුරේ යන අය පත් කළ බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සදහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *