තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.
මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12) පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70)ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පැවසීය.
භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා වාර්තා කර නොමැති අතර, තායිවාන ගිනිනිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ නිරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් සිටී.
