Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා රජය පළමු පියවර තබයි

1 year ago

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (29) රැස් විය.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා පත් කර ඇති කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ කමිටු සභාපති මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළා.

එමෙන් ම යෝජිත අධ්‍යාපන කවුන්සිලයේ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදි කරුණු සම්බන්ධව සවිස්තර වාර්තාවක් කඩිනමින් අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන බවද මෙහිදී සඳහන් විය.

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන කවුන්සිලයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් ද සහභාගි වූ අතර අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *