කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්රදානයක්ද සිදුකළේය.
එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය.
පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි.
එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.








පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි