Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 20ක් මරුට!

8 months ago

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මින් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසන්නේ තවත් විශාලක පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවත් දුරටටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවද එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *