Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉස්සූ පොලිස් ජීප් රිය හමුවෙයි

9 months ago

සොරාගත් තිස්සමහාරාම පොලීසියේ ජිප් රථය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.

ජිප් රථය සොයා ගන්නා විට එහි එංජිම නතරකර තිබී ඇති බවත් ජිප් රථයේ යතුර යතුරු කටේ තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

ජිප් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක එය තනරකර තිබී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.

ජිප් රථය සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලිවම අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

එන්ජිම පවා ක්‍රියාත්මකර ජිප් රථය මහ මග දමා ගිය එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *