රිකුණාමලය වෙරුගල්ආරු ගඟේ ගිලෙමින් සිටි දැරියක බේරා ගැනීමට නාවික හමුදාව සමත්වුණා.
ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු කෝවිලේ පැවති වාර්ෂික ආගමික උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා.
එම බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්ෂක කණ්ඩායමක් වෙරුගල්ආරු ගඟේ ජිවිතාරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
එම පිරිසට ගිලෙමින් සිටි දැරියක නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවුණා.
කෝවිලේ ආගමික උත්සවයට සහභාගි වීමට පැමිණි බැතිමතුන් පිරිසක් දියනාමින් සිටියදීයි ඔවුන් අතර සිටි මෙම දැරිය දියේ ගිලි ඇත්තේ.
මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු දැරිය පවුලේ ඥාතීන් වෙත භාරදීමට නාවික හමුදාව ක්‍රියාකළා.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට