ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.
2006 වසරෙන් පසුව මේ දක්වා දුෂ්කර දීමනාව වැඩි කර නැතැයි කී ප්‍රධාන ලේකම්වරයා අතිදුෂ්කර නම් රුපියල් 2,500ක් හා දුෂ්කර නම් රුපියල් 1,500ක් වශයෙන් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව සඳහන් කළේ ය.
ගත වූ වසර විස්සකට ආසන්න කාලයේදී ගුරුවරුන්ගේ ජීවන වියදම සියයට පන්සියයකින් ඉහළ ගොස් ඇතැයි කී හෙතෙම ආහාර, ඇඳුම්, කුලී නිවාස, ප්‍රවාහන, පොත්පත්, ලිපිලේඛන ඇතුළු ගුරුවරුන්ගේ අත්‍යවශ්‍ය වියදම් දරාගැනීමට නොහැකි මට්ටමක පවතින බව ප්‍රකාශ කළේ ය.
ඈත ප්‍රදේශවලින් පැමිණ කොළඹ රාජකීය විදුහලේ රාජකාරියේ නියුතු ගුරුවරුන් ඇතුළුව දිවයිනේ සියලු ම දිස්ත්‍රික්කවල දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන් මෙම ගැටලුවට මුහුණපා ඇතැයි කී ලේකම්වරයා දුෂ්කර දීමනාව වැඩිකරන ලෙසට 2006 සිට බලයේ සිටි ආණ්ඩු පහකින් ඉල්ලීම් කර ඇතත් විසඳුමක් නොලැබුණු බව ඔහු පැවසීය.
මේ පිළිබඳව ගුරුවරුන්ගේ දැඩි විරෝධය පළ වී තිබෙන බවත් ඒ අනුව ඉල්ලීම් දිනාගැනීමට කෙටි කාලයක් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සාකච්ඡා කරගෙන යන බවත් ඔහු සඳහන් කළේ ය.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට