අලුත් වාහන වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ගැන වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ දිනවල භාවිතා කළ වාහන විකිණීම අඩුවෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ අලුත් වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණීම ඊට හේතුව ලෙස ඔවුන් පවසයි.
මෙවැනි තත්ත්වයක් තුළ, පළමු වරට වාහනයක් ගන්නා අය මෙන්ම, අමතර වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස්ද අලුත් වාහන මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ඔවුන් පවසයි.
මෙම වාහන අතරින් වැඩි දෙනෙක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යයි.
අද වන විට සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබීමත් මෙම ප්‍රවණතාවට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.
මෙලෙස ලියාපදිංචි කළ වාහන විකිණීමේ අඩුවක් දක්නට ලැබෙන නිසා, දැනට ඉහළ මිලකට අලෙවි වන භාවිතා කළ වාහනවල මිලද ඉදිරි කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවැකි පල කරයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්