Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා! බස් සංගම් රජයට අනතුරු අඟවයි!

10 months ago

පෞද්ගලික බස් රථ සංස්කෘතිය රටින් ඉවත් කිරීමට උත්සාහ දැරීම ගින්දරත් සමග සෙල්ලම් කිරීමක් බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ, වත්මන් රජය පෞද්ගලික බස් රථ හිමියන් සමග වෛරයකින් පසුවන බවයි.

ඔහුගේ අනෙක් චෝදනාව වී ඇත්තේ, රජය ක්‍රමයෙන් පෞද්ගලික බස් කර්මාන්තය ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

රජය ප්‍රවාහන සේවය පවත්වාගෙන යාම සදහා කිසිදු සහනයක් ලබා නොදී, නව නීති හා රෙගු-ලාසි පනවමින් සිටින බව පවසන ගැමුණු විජේරත්න මහතා, මේ තත්ත්වය මත වැඩවර්ජනයක් මතු- වීම නොවැළැක්විය හැකි බවටද අනතුරු අඟවනවා.

ඉතිහාසයේ මොනම ආණ්ඩුවක්වත් කරපු නැති විදියට පෞද්ගලික බස් රථවලින් මේ ආණ්ඩුව පිලිගන්නවා.පොෟද්ගලික අපේ බස්රථ උපයෝගි කර ගෙන තමයි එයාලගේ ඡන්ද ව්‍යාපාරය කළේ. කොච්චර මුදලක් අපේ බස්රථවලට ලබා දුන්නද.අපි ආණ්ඩුවට කියනවා ගින්දර එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.ආණ්ඩව මේ කරන්නනේ අතිසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්.බස්රථ අනතුරු කරන්නේ සංචාරකයින් ගෙනියන බස් රථ.ගැරඬි ඇල්ලේ අනතුර උනේ ලංගම බස්රථයක්.දිගින් දිගටම බස් රථවලට අඩත්තේට්ටම් කිරිමේ අවසානය දැවැන්ත වැඩ වර්ජනයක් සිදුවිම.අපි කියන්නේ නැහැ මේ නිතිය අයින් කරන්න කියලා.අපි නීති ගරුකව වැඩ කරනවා.චක්‍රලේකයක් නිකුත් කරලා තියනවා අලංකරනය කිරිමේ චක්‍රලේකනය අවලංගු කරා කියලා.චක්‍රලේකනය අවලංගු කලාට මේ පරස්පර විරෝධි චක්‍රලේකනය සම්බන්ධයෙන් අපිට පුලුවන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න.පාරේ එක කොට්ටාසෙකට එක නිතියකුත් තව කොට්ටාසෙකට තව නිතියකුත් බැහැ.ආණ්ඩුවට අභියෝගයක් කරනවා සේවක මහතුන්ගේ ගුණාත්මක සේවයක් කරන්න වැසිකිලි පහසුකම් හදලා දෙන්න.ඒ මිනිස්සුන්ට වතුර බොන්න තැනැක් තියනවාද.බස් එකක් නවත්තන්න විවේකගන්න තැනැක් තියනවාද කරුණාකරලා ඒවා කරලා ඉවර වෙලා ඕන දෙයක් කරන්න.වැට් බදු අයින් කරලා බස් රථ ආනයනය කරලා ඕන නීතියක් දාන්න.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *