තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.
පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,
“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා.
ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන.
පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!