හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, පෙරේදා (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.
ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.
ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්