මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන බවය.
මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟාවල ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ අතර දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවීත කර මේ වන විට තත්ත්පරයට ඝණ අඩි 16,250ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වන විට එම ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ හේතුවෙන් දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන් හී පදිංචිකරුවන් මෙන්ම ඉහත දක්වා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ