Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චමරි අතපත්තුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙන දෙයි

7 months ago

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර ඊයේ (20) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් පන්දුවාර 48.4ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් වූ නායිකා චමරි අතපත්තු ලකුණු 46ක්ද, හසිනි පෙරේරා ලකුණු 85ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 37ක්ද රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරි අතපත්තු අවසන් පන්දු වාරයේදී දුවද්දී දැවී යාමක්ද සමග පළමු පන්දු හතරේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.

සුගන්ධිකා කුමාරි කඩුළු 02ක්ද, උදේෂිකා ප්‍රබෝධානි එක් කඩුල්ලක්ද බැගින් දවාගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *