Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපන් වාහනයක් මිලදී ගැනීමට ඔබට කදිම අවස්ථාවක්! ජපානයෙන් ආනයනය කරන වාහනවල මිල වේගයෙන් පහළට!

9 months ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අංශයේ වාර්තා අනුව, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය අතර කාලය තුළ පෞද්ගලික වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 705ක මුදලක් වැය වී තිබේ.

වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි, ජපානයේ නිෂ්පාදිත වාහනවල මිල පහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ වාහන මිලද අඩුවෙමින් පවතී. ජපානයේ මිල අඩු වී ඇත්තේ එරට වාහන මිලදී ගැනීම් අඩුවීම නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ

මේ අතර, රටට විශාල ප්‍රමාණයක වාහන ආනයනය වීම හේතුවෙන් ලියාපංචි කරන ලද වාහනවල මිලද සෑහෙන වශයෙන් පහළ ගොස් තිබේ. වාහන වෙළඳපොලේ ඇතැම් මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 10 සිට 15 දක්වා අඩුවී ඇති බවත් වාර්තා වේ.

උදාහරණයක් ලෙස, පෙර රුපියල් ලක්ෂ 255 සිට 250 දක්වා මිලකට තිබූ වාහනයක් අද වන විට රුපියල් ලක්ෂ 235ක් පමණ මිලකට ලබාගත හැකිය.

එමෙන්ම, ජපානයෙන් පෞද්ගලිකව ආනයනය කළ හැකි වාහනවල මිලද පහළ යාමක් පෙන්වයි. ඒ අනුව, ප්‍රදර්ශනාගාර මට්ටමේ තිබූ 2025 වර්ෂයේ නිෂ්පාදිත Honda Vezel සහ Toyota Yaris වාහනවල මිල පෙර තත්ත්වයට සාපේක්ෂව රුපියල් ලක්ෂ දෙකකින් අඩුවී ඇත.

තවත් වාර්තා වලට අනුව, Suzuki Alto Hybrid සහ Wagon R (Hybrid හා පෙට්‍රල්) වාහනවල මිලද රුපියල් ලක්ෂ පහේ සිට හය දක්වා අඩුවී ඇති බවද සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *