Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන දැවැන්ත ජාතික මෙහෙයුම

9 months ago

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මහජන සහභාගීත්වයක් සහිත පුළුල් යාන්ත්‍රණයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වන අතර එහිදී මත්ද්‍රව්‍ය සැපයුම් සහ ඊට ඇති ඉල්ලුම අඩාල කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන අද සිට මෙම වැඩසටහන සඳහා එක් කෙරෙනු ඇති.

මෙම වැඩසටහනට සමගාමීව සියලු පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතනවල නිලධාරින් ප්‍රතිඥාවක් ලබාදීමට ද නියමිතව තිබේ.

අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන  “රටම එකට – ජාතික මෙහෙයුම“ සදහා සියලුදෙනාගේ දායකත්වය බලාපොරොත්තු වන බවයි ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය.

එමෙන්ම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටුවීම යෝජනා කළ අතර මේ වන විට එය ස්ථාපිත කරනු ලැබ ඇත. 

මෙම ජාතික මෙහෙයුම් සභාවේ නායකත්වය සහ මඟපෙන්වීම යටතේ රජය සහ මහජනතාව ඒකාබද්ධ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සැලසුම් කරනු ලබයි.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබාගැනීමේ යාන්ත්‍රණයක් යෝජනා කරන අතර ඒ සඳහා දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටුද සහිත ව්‍යුහයක් පිහිටුවීමටද අපේක්ෂා කෙරේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *