ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් පැවැසුවාය.
එමෙන්ම කොළඹ පවත්වාගෙන යන සම්භාහන ආයතනවල (ස්පා) වැඩි වශයෙන් සේවය කරන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තරුණියන් සහ කාන්තාවන් බවද සභාපතිවරිය සඳහන් කළාය.
කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකට ආරාධිත දේශනයක් පවත්වමින් ඇය මේ බව සඳහන් කළාය.
නීතිය පිළි නොගන්නා ලිංගික සම්බන්ධතා රටේ වියළි කලාපය තුළ ඉහළ මට්ටමක පවතී. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවුරුදු 14, 15, 16 තරම් අඩු වයසේ තරුණියන් වයස අවුරුදු 45, 50 වයස්ගත පිරිමින් සමඟ ජීවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව පොළොන්නරුව ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙවැනි සම්බන්ධතා හේතුවෙන් උපදින දරුවන්ට උප්පැන්න ලබා දීමේ ගැටලු මතු වී ඇත.
මවට අවුරුදු 15ක් සහ පියාට අවුරුදු 13ක් වන ළාබාල විවාහයක් ද කුරුණෑගලින් හමු වූ බව උදාහරණයක් ලෙස ඇය පෙන්වා දුන්නාය.
දරුවා ප්‍රසූත කළ පසු එම ගැහැනු ළමයාට නැවත පාසල් යාමට නොහැකි වී ඇති බවත් ඇය එතැනින් පසු “අවලංගු කාසියක්” බවට පත්වන බවත් ඇය සඳහන් කළාය.
(source – aruna)

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි