Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගලබොඩඅත්තේ ඥානසාර හිමිව ඝාතනය කිරීමේ සූදානමක්?

9 months ago

පාතාලයේ පිරිසක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින බවත් එබැවින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු තම ආරක්ෂාවට ලබාදෙන ලෙස ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යවමින්.

බුද්ධි අංශ නිලධාරීන් ද රාජගිරියේ පිහිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයට පැමිණ මේ තර්ජනය ගැන දැනුම් දී තිබෙන බවත් උන්වහන්සේ එහි සඳහන් කර ඇත.

එම ලිපිය පහතින්.

ආරක්ෂක ලේකම්තුමනි,

මරණීය තර්ජනයක් පිළිබඳවයි.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව මා විසින් විවිධ හෙළිදරව් කිරීම් සිදුකරන ලදී.

එමෙන්ම එම අන්තවාදය නිසා දැඩි පීඩාවට පත් අපේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව එම පීඩාකාරී බලවේගවලින් බේරාගන්නා ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් සතු බොහෝ තොරතුරු ද අප අතට පත් කළේ රට දැනුවත් කරන ලෙස ඉල්ලමිනි. සති කීපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා දිනෙක ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී තිබුණි. එහි දක්වා ඇත්තේ කාසිම් නමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා හා ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතුයි කියාය. ලිබියා ගඩාෆි නම් කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය මුදාහැර ඇත. යනුවෙන් ද එම ලිපියේ සඳහන්ය.

තවද “2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැප කිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරායකර අවදානමකට ලක්ව සිටින්නෙමි. සුදුසු ආරක්ෂාවක් ඉල්ලුව ද තවමත් එය ලැබී නැත.

මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර මම කැමැත්තෙන් ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කළෙමි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට ද පොලිස්පතිතුමාට ද මේ බව දැනුම් දුන්නෙමි. සුදුසු යැයි (පෙර මෙන්) හැඟෙන පරිදි ඇමැති ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් ද එහි සඳහන් තර ඇත.

තවත් දීර්ඝ කරුණු දැක්වීමක් ද එම ලිපියෙන් සිදුකර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *