ගල්නෑව ප්‍රදේශයේදී දිවා කාලයේදී නිවසකට කඩා වැදුනු කොල්ලකරුවෙකු විසින් කාන්තාවකට මුහුණට ඉසින කුඩු වර්ගයක් හේතුවෙන් ඇයගේ පෙනීම අහිමි වී ඇත.
මෙම සිද්ධියෙන් පසු ඇය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබා පසුව නිවසේ පදිංචිව සිටී. වෛද්‍යවරුන් සඳහන් කළේ ඇයගේ ඇස් වලට දැඩි හානි සිදු වී ඇති බවයි.
ගල්නෑව පොලිසිය සොයාබලා සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පහළ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව හෙළිවිය.
විමර්ශන අනුව, මෙම සැකකරු ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම ප්‍රදේශවල නිවාස හා වෙළඳසැල් රැසක කොල්ලකෑම් හා යතුරු පැදි සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ඔහු සන්තයක සිට සොයා ගනිමින් දේශීයව නිෂ්පාදිත අත් බෝම්බයක් සහ සොරකම් කරන ලද යතුරු පැදියක් භාරයට ගෙන ඇත.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර ඇත.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට