Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් පදක්කම් 12ක් සමඟින් වෛද්‍ය උපාධිය නිමකළ මහීමාගෙන් වාර්තාවක්

4 weeks ago

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, පසුගියදා පැවති 51 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 12ක් දිනා ගැනීමට මහීමා සුරේෂ් සමත් වූවාය. වසර පහක අධ්‍යයන කාලය තුළ තමා කළ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හඳුන්වා දෙන ඇය, සිය මවුපියන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු තමාට දිරියක් වූ සියලු දෙනා මෙම සතුටේ හවුල්කරුවන් බව කෘතවේදීව සිහිපත් කරන්නීය.

ඇය විසින් දිනාගත් රන් පදක්කම් 12ට අමතරව, ඇයගේ අධ්‍යයන විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වන්නේ MBBS විභාග තුනෙන්ම පළමු පන්තියේ ගෞරව සාමාර්ථ ලබා ගැනීමත්, පළමු, දෙවැනි සහ අවසන් MBBS විෂයයන් 15 සඳහාම විශිෂ්ටතා (Distinctions) ලබා ගැනීමත් හේතුවෙනි. ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය සේනක බිබිලේ සම්මානය මෙන්ම 2019/2020 වසරේ අධ්‍යයන හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වූ විශිෂ්ටතම සම්මානය ද ඇය සතු විය.

මෙම ජයග්‍රහණ සමඟ ඇය ජාතික මට්ටමේ MBBS උපාධිධාරීන්ගේ කුසලතා ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පත්ව ඇති අතර, වෛද්‍ය පීඨ වෙබ් අඩවිය ද ඇයගේ මෙම අතිවිශිෂ්ට දක්ෂතාව අගය කරමින් සටහනක් තබා තිබුණි.

වෛද්‍ය කයිලායර් සුරේෂ් සහ වෛද්‍ය ශෂිකලා යුවළගේ එකම දියණිය වන මහීමා, වෛද්‍ය පවුලක පසුබිම උරුම කර ගත්තියකි. යාපනයේ සිට කොළඹට පැමිණි ඇගේ මවුපියන්ගේ සෙවණේ හැදුණු ඇය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය, එහි පැවති නවක වදයෙන් තොර, සුහදශීලී පරිසරය සිය අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට විශාල පිටිවහලක් වූ බව සඳහන් කරයි.

අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවූ මහීමා, කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය සංවිධානය කළ 2019 අන්තර් විශ්වවිද්‍යාල විවාද ශූරතාවලියේ හොඳම කථිකයා ලෙස සම්මාන දිනා ගත්තාය. කර්ණාටක සංගීතය හැදෑරීම, අන්තර් කණ්ඩායම් මේස පන්දු තරගවලින් ජයග්‍රහණ ලැබීම මෙන්ම විශ්වවිද්‍යාලයේ හින්දු සංගමයේ උප සභාපතිනිය ලෙස කටයුතු කිරීම ද ඇයගේ බහුවිධ දක්ෂතාවලට උදාහරණ වේ.

ඇයගේ සාර්ථකත්වයේ රහස වන්නේ නිසි සැලැස්මකට අනුව වැඩ කිරීම සහ අඛණ්ඩව දැනුම යාවත්කාලීන කර ගැනීමයි. විභාගයට පෙර දින පාඩම් කිරීම වෙනුවට එදිනෙදා වැඩ අවසන් කිරීමත්, දිනකට අවම වශයෙන් පැය 6ක නින්දක් ලබා ගැනීමත් ඇය අනුගමනය කළ ප්‍රතිපත්තියයි. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් තුළින් ජීවිතය සමබර කර ගැනීම වැදගත් බව ඇය දැඩිව විශ්වාස කරන්නීය.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූ තමාට රටට සේවය කිරීමේ යුතුකමක් ඇති බව මහීමා අවධාරණය කරයි. අනාගතයේදී ස්නායු හෝ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වී මවුබිමට සේවය කිරීමත්, තමා ලද දැනුම අනාගත පරපුර සමඟ බෙදා ගැනීමත් ඇයගේ එකම අරමුණයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *