ශ්‍රී ලංකාවේ පුරෝගාමී වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව වන Adstudio.Cloud සිය නවීනතම වෙළඳ ප්‍රචාරණ තාක්‍ෂණය ඔස්සේ දේශීය ප්‍රකාශකයන්ට සහ වෙළඳ නාමවලට සවි ලබා දෙමින් ජාතියේ ඩිජිටල් මාධ්‍ය භූමිකාව ප්‍රතිනිර්මාණය කරමින් සිටින්නේ වෙබ් අඩවි නිර්මාණකරණයට සිය අද්විතීය දායකත්වය ලබාදෙමිනි.වෙළඳ ප්‍රචාරකයන්ට ඉතා සාර්ථක වර්ධනයක් ළඟා කර දෙමින්, ශ්‍රී ලංකාවේ වඩා ප්‍රමුඛතම දේශීය ඩිජිටල් පද්ධතිය නියෝජනය කරන Adstudio.Cloud සිය වේගවත් 100 වැනි වෙබ් අඩවි කඩඉම ද මේ වනවිට පසුකර අවසන්.
ගත වූ වසර හතර පුරාවට, Adstudio.Cloud විසින් FMCG, මූල්‍ය, ඊ-වාණිජ්‍යය, සිල්ලර සහ දුරකථන සේවා වැනි කර්මාන්ත ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාර බල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි වෙළඳ ප්‍රචාරණයට සිය නායකත්වය ලබා දී ඇත. ස්වයංක්‍රීය, දත්ත මත පදනම් වූ මිල දී ගැනීම් සක්‍රීය කිරීම තුළින්, ගෝලීය Retail Media ජාලයන් නිවැරදි සහ කාර්යක්ෂමතාවයෙන් බලගන්වමින් ශ්‍රී ලාංකික අලෙවිකරුවන්ට සවියක් වීමට ද ඒ හරහා Adstudio.Cloud සමත්ව සිටි. එමගින් විශ්වාසනීය වූ දේශීය ඩිජිටල් අවකාශ හරහා, සුදුසු අවස්ථාවන්හි දී සුදුසු ග්‍රාහකයින් වෙත ප්‍රවේශවීමට දැන්වීම්කරුවන්ට ඉඩ සැලසේ.
ගෝලීයව ක්‍රියාත්මක Amazon, Walmart, සහ Carrefour වැනි සමාගම්වල දත්ත මත පදනම් වූ ඉලක්කගත කිරීම් මඟින් වෙළඳ ප්‍රචාරණ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් මෙන්ම ප්‍රකාශකයන් සඳහා නව ආදායම් මාර්ග හඳුනාගැනීමට සහය වෙමින් වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණය නව මානයකට ගෙන ඒමට Adstudio.Cloud පෙරමුණ ගෙන ඇත.එපමණක් නොව, එය විප්ලවීය වෙනසක් කරා ළඟාකරවීමට ද ඔවුන් මූලිකත්වය ගෙන සිටි.ඒ ඉහළ Fill Rates සහ CPM අගයන් ලබා දෙමින් මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රකාශකයන්ගේ මාසික ආදායම් වර්ධනය කිරීමට ද උර දෙමිනි.
Adstudio.Cloud ප්‍රධාන වර්ධන නිලධාරී නරේෂ් සතාසිවම් එය දක්වා සිටින්නේ මෙලෙසයි. “අපගේ මෙහෙවර වී ඇත්තේ සෑම විටම දේශීය ඩිජිටල් පරිසර පද්ධතියේ වටිනාකම වැඩි කිරීමයි.” “සෑම ශ්‍රී ලාංකික ප්‍රකාශකයෙකුම තම ගෝලීය සගයන්ට සමාන තාක්‍ෂණික වාසියක් ලැබිය යුතුයි. අපගේ Adstudio.Cloud වැඩසටහන්ගත (programmatic) වේදිකාව හරහා, දැන්වීම්කරුවන්ට අවශ්‍ය නිරවද්‍යතාවය සහ වගවීම ලබා දෙන අතරතුර, අපි ඔවුන්ට නව ආදායම් මාර්ග විවෘත කරගැනීමට ද සහය වන්නෙමු”.
Adstudio.Cloud ආයතනය Retail Media හා වැඩසටහන්ගත (programmatic) ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරයි. Data Management, Smart Bidding, සහ Advanced Audience Segmentation වැනි ක්‍රම ඉන් ප්‍රධාන වේ.මෙමඟින් දැන්වීම්කරුවන්ට සිය ඉලක්කගත ග්‍රාහකයින් පමණක් කේන්ද්‍රකරගත හැකි බව සහතික කරයි.
ශ්‍රී ලංකාවේ එකම Programmatic Advertising පද්ධතියට හිමිකම් කියන, Adstudio.Cloud ආයතනය ග්‍රාහකයින් දැන්වීම් සමඟ සම්බන්ධ කිරීමෙන් නොනැවතී,සියලු පාර්ශව දිරිමත් කරමින්, අගය කරමින් සහ වටිනාකම බෙදා දෙමින් ඩිජිටල් වර්ධනයක් ඇති කරන තිරසාර ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ පරිසර පද්ධතියක් ද ගොඩනඟයි.
Adstudio.Cloud යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව සහ Retail Media ජාලයයි. දේශීය ප්‍රකාශකයන්ගේ ජාලයක් හරහා, ස්වයංක්‍රීය දැන්වීම් පලකිරීමේ ක්‍රම පුළුල් කරමින් වෙළඳ දැන්වීම්කරුවන්ට සිය ඉලක්කගත ග්‍රාහකයින් වෙත ළඟාවීම පහසු කරවීම ද මේ හරහා සිදුවේ.විනිවිදභාවය, නවෝත්පාදනය සහ කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ඩිජිටල් වෙළඳ ප්‍රචාරණයේ පෙරළියක් ඇති කිරීමෙහිලා ද Adstudio.Cloud මූලිකත්වය ගෙන සිටී.
විමසීම් සඳහා: info@adstudio.cloud | www.adstudio.cloud

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්