දින හතක් තුළ ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකරන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවනවා.
2026 අයවැය මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වය හමුවේ ඉදිරි දී දැඩි ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඊයේ (11) නිවේදනය කළේය.
මනුෂ්‍ය සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බවත්, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.
අයවැය 2026 තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට හෝ වෛද්‍යවරුන් රැඳවීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීම පිළිබඳවද තම අප්‍රසාදය පළ කරන බව එම නිවේදනයෙන් පැවසෙනවා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්