යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය.
ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.
යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදීය.
තරගයේ 61 වැනි මිනිත්තුවේදී අයර්ලන්ත දඬුවම් සීමාව තුළදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අයර්ලන්ත ක්‍රීඩකයෙක්ට වැලමිටෙන් පහරක් එල්ල කළේය.
එය පාපන්දු නීතිවලට අනුව විනය විරෝධී ක්‍රියාවක් වීම හේතුවෙන් විනිසුරුවරයා රොනාල්ඩෝට කහ කාඩ්පතක් ලබා දුන්නද රූපවාහිනී විනිසුරු විමසීමෙන් අනතුරුව රොනාල්ඩෝට මෙසේ රතු කාඩ්පතක් ලබා දුන්නේය.
ඒ අනුව රොනාල්ඩෝට තරගයෙන් ඉවත්වීමට සිදු විය.
ජාත්‍යන්තර පාපන්දු නීතිවලට අනුව රොනාල්ඩෝට ලැබුණු රතු කාඩ්පත හේතුවෙන් ඔහුට තවත් තරග 3ක් ක්‍රීඩා කිරීම තහනම් වේ.
පෘතුගාලය තවත් එක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර යම් හෙයකින් පෘතුගාලය සෘජුව 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ඔහුට පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ පළමු තරග දෙක අහිමි වේ.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්