දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බවත් එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා