Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

10 months ago

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (16) සිදුවිය.

ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් (whitewash) අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

රාවල්පින්ඩිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 211ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 45.4කදී ලකුණු 215ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ මෙලෙස පූර්ණ තරගාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තෙවන අවස්ථාව මෙය වේ.

එමෙන්ම 1981 වසරේ සිට පාකිස්තානය සමගින් ද්විපාර්වීය එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩාකරන ශ්‍රී ලංකා මේ දක්වා ඔවුන් හමුවේ පූර්ණ තරගාවලි පරාජක් ලැබූ 6වන අවස්ථාව මෙයයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *