ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු 20කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඔහු පැවසූයේ, තමන් අනිවාර්යෙන්ම පොදුජන පෙරමුණට එකතු වන බවත්, මේ වන විට පක්‍ෂ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
පසුගිය මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ ප්‍රබලයන් 20කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ සිටින බවත්, ඔවුන් පසුගියදා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවටද සහභාගි වී ඇත.
එම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ ඇතුළු පිරිසක්ද සිටින බව ඔහු සඳහන් කළේය.
තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්