රට තුළ පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන බෙදා හැරීමට පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හූ තියමින් නෙරපා හරින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
එම ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආවේගශීලිව මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පිරිසට විරෝධය දක්වන ආකාරය එම වීඩියෝවෙහි දැක්වුණා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිස සහන බෙදා දීමේදී වීඩියෝ ගත කිරීම මගින් තමන්ගේ ගෞරවයට හානි වන බව ප්‍රදේශවාසීන් එහිදී විරෝධය පළ කළා.
“ මේ මිනිස්සු හිඟන්නෝ නෙවෙයි. මේ මිනිස්සු හොඳට කාලා බීලා හිටපු මිනිස්සු. “උඹලාගේ වීඩියෝ ඕනේ නැහැ. මේ මිනිස්සු විකුණගෙන කන්න ඇවිල්ලා” යනුවෙන් ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර සිටියා.
ජනතාව චෝදනා කළේ එම භාණ්ඩ තොගය මීට පෙර දින රූපවාහිනී නාලිකාවක් විසින් බෙදා දුන් බවයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම භාණ්ඩ තොගය තමා බෙදා දෙන ආකාරයට ප්‍රදර්ශනයක නිරත වීමට උත්සහ කළ බවට ජනතාව චෝදනා කරනවා.
“කවුරුවත් දීපු ඒවා කවුරුවත් බෙදන්න ඕන නැහැනේ” යනුවෙන් පවසමින් , ජනතාව විරෝධය දැක්වූවා..

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!