මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදට ( 04) යෙදෙන උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා.
ඊයේ (03) දින උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ කෙරුණා.
මෙයට අමතරව රත්නපුර, අවිස්සාවේල්ල හරහා හැටන් මාර්ගය ඔස්සේ තවත් පෙරහැරක් ද බලන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව දක්වා තවත් පෙරහැරක් ද පවත්වා සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කිරීමටත් බුද්ධ පූජාව සහ දේව පූජා පැවැත්මටත් කටයුතු කර සිරිපා වන්දනා සමය ඇරඹීම සිදු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළේ.
ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වනවා.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්