රජය හඳුන්වා දුන් ගිණුම් හරහා සිදු කරන මූල්‍ය පරිත්‍යාග සඳහා පමණක් තමන් වගකීම දරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ.
වෙනත් පුද්ගලයන් හෝ සංගම් ගිණුම් සඳහා අමාත්‍යාංශය කිසිදු අනුමැතියක් ලබා දී නොමැති අතර, එවන් පරිත්‍යාගවල වගකීම අදාළ පාර්ශවයන්ටම අයත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම අසීරු අවස්ථාවේදී ජනතාවගේ දායකත්වය අගය කරන බවත්, සිසුන් වෙනුවෙන් කරන පරිත්‍යාගවලදී නිවැරදි ගිණුම් භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටී.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීමට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන දායකත්වය ලබා දී ඇති අතර, රජය විසින් නිල ගිණුම් අංක කිහිපයක් ද මේ වන විට හඳුන්වා දී ඇත.
🔗 රජයේ නිල ගිණුම් තොරතුරු සඳහා පිවිසෙන්න: www.donate.gov.lk

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී