ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබාදෙන්නේ.
එම උපදෙස් පහතින්.
01. තෙත් වූ මුදල් නෝට්ටු වෙන් කිරීම
– තෙත් වූ මුදල් නෝට්ටු ඉතා ප්‍රවේශමෙන් මෘදු ලෙස හසුරුවන්න
– මුදල් නෝට්ටු මිටි වශයෙන් තිබේ නම්, ඒවා එක්වර ඉවතට ඇදීමෙන් වළකින්න
– මුදල් නෝට්ටු මිටි ලිහා, තෙත උරාගන්නා ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හරින්න
– මුදල් නෝට්ටු එකිනෙක වෙන් නොවන්නේ නම්, මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, පසුව නෝට්ටු ලිහිල් කිරීම සඳහා වරකට කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සොලවා, නෝට්ටු වෙන් කිරීමට උත්සාහ කරන්න
උණු වතුර, රෙදි සෝදන කුඩු (detergent) හෝ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න
02. මුදල් නෝට්ටු වියළීම
– සෑම මුදල් නෝට්ටුවක්ම පිරිසිදු, වියළි මතුපිටක් මත (මෘදු රෙදි, කඩදාසි, තුවා තෙත මාත්තු කරන කඩදාසි) අතුරා තැබිය යුතු අතර එය වර්ණවත් හෝ මුද්‍රිත නොවිය යුතුය
– මුදල් නෝට්ටු වාතාශ්‍රය ඇති ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හරින්න
– ඉස්ත්‍රික්ක, උඳුන් හෝ කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකරන්න
03. හුවමාරුව සඳහා ඉදිරිපත් කිරීම
– සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ගනු දෙනු සදහා තවදුරටත් භාවිතයට ගත නොහැකි බව හැඟීයන මුදල් නෝට්ටු හුවමාරුව සඳහා ඕනෑම වාණිජ බැංකුවකට ඉදිරිපත් කළ හැකිය

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!