වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු වයස අවුරුදු 56ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 88ක් නිකුත්කර තිබෙනවා.
අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට