ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.
මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත.
මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය.
ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත.
එමෙන්ම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව විශේෂ උත්සවයක් ද අද පස්වරුවේදී කොල්කටාහිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.
මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.
ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3.5කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.
මෙම සංචාරය අතරවාරයේදී ලියොනල් මෙසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට ද නියමිතයි.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ