Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘බටුමීයා’ අත්අඩංගුවට

1 month ago

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමට ගිනිඅවි ලබාදුන් බව කියන අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා’ නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට ඉදිරිපත් කර එහිදී ඇප ලබා පිටතට පැමිණෙමින් සිටියදීය.

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ මිරන්ත වරුසවිතාන නැමැත්තා අම්බලන්ගොඩ, නගර සභාව අසලදී ඉකුත් නොවැම්බර් 04 වැනිදා වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මියගිය තැනැත්තා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා වේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් රැසක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් හෙළිකර තිබුණේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන ලොකු පැටී නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.

ඊට ගිනිඅවි සපයා ඇත්තේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඒවන විටත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අනුර පුෂ්පකුමාර හෙවත් බටු මීයා නැමැත්තා බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම බටුමීයා නමැත්තා ලොකුපැටීගේ ඥාති සොයුරෙක් වන බවත් පොලිසිය පවසයි.

ඝාතන චෝදනාවට අදාළව මාස 3ක පමණ කාලයක සිට ඔහුට ඇප ලැබී තිබුණ ද සැකකරු එම ඇප කොන්දේසි සම්පූර්ණ නොකර බන්ධනාගාරගතව සිටින බවත් විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අතරතුර සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් එහිදී ඔහු ඇප කොන්දේසි සපුරා නිදහස්වීමට සූදානම්ව ඇති බවටත් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව වෙනත් විමර්ශන කටයුත්තකට කොළඹට පැමිණ සිටි එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ඇප ලබා පිටතට පැමිණීමේදී ඔහුව අත්අඩංගුවටගැනීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අසලට ඊයේ පැමිණියා.

එහිදී සැකකරු තම නීතීඥවරයාට පවසා තිබුණේ, තමා පැහැරගැනීමට පිරිසක් පැමිණ ඇති බවය.

එලෙස අත්අඩංගුවට ගත් බටු මීයා නැමැත්තා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

(source – adaderana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *