දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) සමඟ ඊයේ (19) පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.
ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, පවතින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ධෛර්යය ප්‍රාර්ථනා කර තිබෙනවා.
ආපදාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ ඉදිරියේදී ලබාදිය හැකි සහයෝගීතාව පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇති බව සඳහන්.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ්, ස්වභාවික විපත් හමුවේ ශ්‍රී ලංකාවට සහය වීමට තම රට සැමවිටම කැපවී සිටින බවයි අවධාරණය කර සිටියේ.
ආපදා තත්ත්වය ඇති වූ වහාම ‘එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්’ (Emirates Red Crescent) සහ අනෙකුත් සහන සේවා හරහා එමීර් රාජ්‍යය සිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!