සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.
ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසය.
“සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න.
සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේක පොඩි වාහනයක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕන” යැයි පැවසීය.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය.
ඒ හේතුවෙන් ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කර සිටී.
“ආපදා තත්ත්වය නිසා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම කඩාවැටිලා. අපට ඕඩර්ස් දීපු මිනිස්සුන්ට ඔවුන් ගෙන්වපු වාහන මිලදීගන්න බැරි තැනකට ඇවිත්. 3%ක දඩයක් ගහනවා මාස 3 පැන්නාම.
ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිනම් මෙම 3% ඉවත්කරලා දෙන්න” යනුවෙන්ද පැවසීය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා