කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් ඊයේ (27) පස්වරුවේ දුම්රියක ගැටී තිබෙනවා.
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකයි මෙලෙස මෝටර් රථය ගැටී ඇත්තේ.
අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය යන ශික්ෂණ රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
වර්ණ සංඥා පද්ධතියක් සවිකොට එහි වර්ණ යොදා මෙන්ම ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුල් කළ බවයි සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ.
දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර, මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.
කොස්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !