ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකියි.
මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!