Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගැලවීමට යෝජනාවක්

4 months ago

ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

එබැවින් එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදි අනුගමනය කළ හැකි එක් විකල්පයක් ලෙස අදාළ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේය.

රට තුළ උද්ගතවූ ආපදා තත්ත්වය නිසා පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 වසරේ ද 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පවත්වන කාලය පෙ.ව. 7.30 සිට පස්වරු 1.30 දක්වා නොවෙනස්ව පවතිනු ඇත.

2026 පළමු වාරය සඳහා රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් ජනවාරි 05වන දින ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *