යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර අධ්‍යාපනයට සම්බන්ධ සියලු සංවිධාන හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.
ඊයේ (03) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සදහන් කළේ, එවැනි සාකච්ඡාවකින් තොරව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අනුමත කළ නොහැකි බවය.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා,
”එතකොට අපි දැක්කා දැන් මේ මේ මොඩියුලර් ප්‍රශ්නෙත් එක්ක දිව්වා පණ කඩාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ මේ මොඩියුලරයේ ලියලා තියෙනවා කට්ටියගේ නම් ටික. ඉතින් මේගොල්ලන්ට විරුද්ධව පියවර ගැනීම පැත්තකින් තියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි, අරහෙටයි, මෙහෙටයි දුවනවා. මොකද? මේ කැපෑසිටියක් නැති කට්ටිය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඔය කණ්ඩායමේ ප්‍රධානීන් කියන දේ තමයි, අන්න ඒගොල්ලෝ තමයිලු මේ. ජාතික ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවල ඉඳලා තියෙනවා. මොන විහිලුද මේවා? අධ්‍යාපනඥයයි ඕනේ. මේ කමිටුවල හිටපු අය නෙමෙයි. තවත් මොඩියුල ගණනාවක් ගැන, අධ්‍යාපනය සම්බන්ධයෙන්, බුද්ධිමතුන්, විවිධ අර්ථකථන දෙනවා. ඉතින් මේවා කලින් කරලා, කලින් එළියට දාලා තිබ්බා නම්, මේ සංවාද එන්නේ කලින්.එතකොට ක්‍රියාත්මක කරන්න කලින්, ඒ ගැන හදාගන්න තිබ්බා.. අධ්‍යාපනය අර්බුදයක් මේ නිර්මාණය කරලා තියෙන්නේ.
එම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන්,
”ඒ නිසා අපේ වර්තමානයේ පැහැදිලිවම කියනවා විසි දෙවෙනිදා නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව, යුනෙස්කෝ ප්‍රඥප්තියට අනුව, වහාම මේ අධ්‍යාපනයට සම්බන්ධ සියලු සංවිධාන කැඳවිය යුතුයි. එක මණ්ඩපයක දී සාකච්ඡා කරලා, ජාතික ප්‍රතිපත්තියකට එළඹෙන්නට ඕන. එසේ අපිත් සමඟ සාකච්ඡා නොකරන්නේ නම්, මෙයින් දරුවන්ට වෙන අගතිය මොකක්ද කියන එකේ වගකීම බලධාරීන් දැරිය යුතු වෙනවා.”

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්