ශ්‍රී ලංකා පොලීසියේ පවතින නිලධාරී හිඟය ඉදිරි වසර තුනක කාලය තුළ 40,000ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව බඳවා ගැනීම් සිදු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (04) තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් විසිර යාමේ උත්සවයට එක්වෙමිනි.
පවතින දැඩි කාර්යබහුලත්වය හමුවේ සේවය කාර්යක්ෂම කිරීම සඳහා රජය පහත පියවර ගැනීමට තීරණය කර ඇත:
- මේ වසර තුළ නවක පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීම.
- සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ගැනීම.
දැනට පොලිස් සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 31,000ක පිරිසක් පමණක් බවත්, පවතින පුරප්පාඩු සේවයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි