ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ලැබෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (07) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකර තිබෙනවා.
ජපානයේ Enterprise United Co-operative ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර, ජපානය වෙනුවෙන් එහි සභාපති Kazuhiro Hanzaki හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම්ලත් (NVQ) ශ්‍රමිකයින්ට හිමිවනවා.
ජාතික වෘත්තීය සුදුසුකම, වයස අවුරුදු 20-28 ත් අතර, අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, තරුණ පිරිස් මේ සඳහා තෝරා ගනු ලබනවා.
ජපන් භාෂාව හදාරා තිබීම අතිරේක සුදුසුකමක් වන අතර, ඒ සඳහා අදාළ පුහුණුව ලබාදීමටද මෙම ගිවිසුම මගින් කටයුතු කළා.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වුණා.
ඒ අනුව ජපන් භාෂාව පුහුණු කිරීම් හා වෘත්තිය පුහුණු කිරීම් කටයුතු ජාතික තරුණ සේවා සභාවේ සපුගස්කන්ද වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.
අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව ජාතික තරුණ සේවා සභාව, වෘත්තිය පුහුණු අධිකාරිය, NAITA, VTA, කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් තුළින් තෝරාගන්නවා.
සියළුම බඳවාගැනීම් රජයේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් සිදු කළා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුදත් යාලේගම, ජපානයේ Enterprise United Co-operative ආයතනයේ ප්‍රධාන උපදේශක Yoshiko Nakayama, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂ විශ්ව නිරන්ත කුරුවිට, එහි සාමාන්‍යාධිකාරී සී.පී. ලොකුගලප්පත්ති යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ