ශ්‍රී ලංකාවේ සිව් වසරක සේවා කාලය නිමා කරමින් මෙරටින් පිටව යන ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊයේ (09) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වී සමුගැනීමේ නිල සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
2022 වසරේ සිට 2026 දක්වා වූ කාලය තුළ අමෙරිකා – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇය දැක්වූ නොපසුබට උත්සාහය අමාත්‍යවරයා මෙහිදී අගය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇයගේ කැපවීම ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවයි.
මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විපත්තිය හමුවේ, ඇමරිකානු බලධාරීන්ගේ සහාය මෙරටට ලබා දීම සඳහා ඇය දැක්වූ කඩිනම් සම්බන්ධීකරණය වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතියද පළකර තිබෙනවා.
තානාපතිනි ජූලි චන්ග් 2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිය රාජකාරි ආරම්භ කළ අතර, වසර හතරකට ආසන්න සේවා කාලයකින් පසු ලබන ජනවාරි 16 වනදා ඇය මෙරටින් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ