7 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු නාවලපිටිය පොලීසිය මගින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ නාවලපිටිය, වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසෙනි. සැකකරු සහ වින්දිත දැරිය එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පසුගිය 15 වනදා පස්වරුවේ දැරිය නිවසේ නොමැති වීම හේතුවෙන් ඥාතීන් විසින් සිදුකළ සෝදිසියකදී ඇයව සොයාගෙන ඇත.
නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් වැටී සිටියදී පැය 4කට පමණ පසු දැරිය සොයා ගැනීමට හැකි වී තිබේ.
මූලික පරීක්ෂණවලට අනුව, බීමත්ව සිටි සැකකරු දැරියව නිවසින් මීටර් 500ක් පමණ ඈතට රැගෙන ගොස් අපයෝජනය කර එම ස්ථානයේම දමා ගොස් ඇත.
අපයෝජනයට ලක්වූ දැරිය විසින් සැකකරු හඳුනාගෙන ඇති අතර, ඇය ප්‍රකාශ කළ නම මත පදනම්ව ඥාතීන් නාවලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය ප්‍රථමයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇත.
ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ