තෛපොංගල් උත්සවය වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල් වෛද්‍ය වර්ජනය අද (19) පෙරවරු 8.00 සිට යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.
අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, පරීක්ෂණ නිමවන තෙක් ඔහුව එම ධුරයෙන් ඉවත් කරන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා සිටියි.
පසුගිය අඟහරුවාදා ආරම්භ වූ මෙම වර්ජනය, උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව නතර කර තිබුණද, බලධාරීන්ගෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව සංගමය පවසයි.
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේම රජයේ රෝහල් මීට සම්බන්ධ වේ.බාහිර රෝගී අංශයේ (OPD) කටයුතු සහ සායනික කටයුතු අඩාල විය හැකි අතර, හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිසි පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය ක්ෂේත්‍රයේ විනය සහ පාලනය තහවුරු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් අවධාරණය කර සිටියි.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්