දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ලබන ජනවාරි 23 වනදා සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වියළි ස්වභාවය තවදුරටත් දක්නට ලැබෙන අතර, උදෑසන කාලයේ පවතින අධික සීතල සහ මීදුම් සහිත තත්ත්වය පිළිබඳව දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඉදිරි දිනවලදී පහත තත්ත්වයන් අපේක්ෂා කළ හැක.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
අලුයම් කාලයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත් වල සහ ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්ක කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
පවතින මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ