සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (21) දිනයේ දිවයින පුරා රෝහල් පද්ධතිය තුළ වර්ජන ක්‍රියාමාර්ග ද්විත්වයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මෙම වර්ජනය නිසා දිවයිනේ සියලුම රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය හැක.
මේ අතර, අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් සාධාරණ විසඳුමක් ලබා දී නොමැති බවයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්